2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

දුක නිවීම

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 395

අලි පාටියෙ උපනායක පට්ටම් තුනක් දෙන්න ගිය එක ගැන පසුගිය කාලෙ එක්තරා ජ්‍යෙෂ්ඨයෙක් අසතුටින් හිටියලු. උඩරට කෙනකුටත් මේකෙ නියෝජනයක් ඕන කියලලු උන්නැහේ තර්ක කළේ... ඒකට සුදුස්සත් උන්නැහේම බවයි එයාගෙ අදහස වුණෙත්.

තමන්ට මේ පට්ටම ලබාගන්න එකට ඉහළට හරි නිර්දේශය දුන්නෙ නැහැ කියල පක්ෂයෙ ජ්‍යෙෂ්ඨ ලේකම් සයිස් කෙනෙක් එක්ක උන්නැහේ ටිකක් නොරොක් වෙලාලු හිටියෙ...

ඉතින් තමන්ගෙ සමීප දේශපාලන හිතවතුන් එක්ක උන්නැහේ මේ ගැන තරමක් සැරට දුක කිව්වලු... අන්තිමේ ඒක ආරංචි වුණ පාටියෙ ලොකු මහත්තය උන්නැහේගෙ දුක නිවෙන්නත් එක්ක අලි පාටියෙ කිරි කිරි උප පට්ටමක් හදලා උඩරට මහත්තයටත් දෙන්න තීන්දු කළාලු...

ඉතින් ඒ ගැන උසස් ඉගැන්නිල්ල බාර උඩරට මහත්තයට හරි සතුටුයිලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00