2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

කොරෝනාවෙනුත් - මනාප

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 435

මහ ඡන්දෙට නාම යෝජනා දුන්නට තවමත් මනාප අංකය නිකුත් කරල නැහැ....

එහෙම වුණත් කොරෝනාව අස්සෙ තමන්ගෙ දේසපාලන වැඩකරන සමහර අපේක්ෂකයො මනාප බිලී බාගන්න වැඩ පටන් අරන්.

කොළඹට කිට්ටුව කඩුවලට සම්බන්ධවෙලත් ඇති පළාතක ආණ්ඩුවෙ අපේක්ෂකයොත් අකාරාදී පිළිවෙළේ හැටියට තමන්ගෙ මනාප අංකය යැයි කියන නොම්බරයක් සොයාගෙන ආණ්ඩුවෙ නිලධාරි බෙදන්න ඕන ආධාර පත්‍රිකාව කොම්පියුටරෙන් අරගෙන ජනතාවට ඒක බෙදාහරින්නෙ මනාප අංකයත් කියමින්ලු.

සමෘද්ධිමත් දේශපාලන වැඩවලට සම්බන්ධ යැයි කියන මුන්නැහේගෙ මේ වැඩේ ගැන පසුගියදා ආණ්ඩු පක්ෂයේ ලොකු ලොක්කො අතරෙ කතාවකුත් ගියා. සමහර ජ්‍යෙෂ්ඨයො කොරෝනාවෙන් මනාප බිලී බා ගැනීම ගැන ඡන්ද කොමිසමටත් කියන්නලු යන්නෙ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00