2017 මාර්තු 25 වන සෙනසුරාදා

මම එන්නෙ එයා එනවනම්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 705

අලුතෙන් සල්ලිභාර ඇමැති හැටියට දකුණෙ කෙනෙක් එන එක ඉස්තීරයිලු. ඉතින් මේ ගැන මාතර මංගල තුමාටලු කස්ටිය සුබපතන්නෙ...

ඒත් පසුගියදා උන්නැහේ කියලා තිබුණෙ තමන්ගෙ ගෙදර අයවැයවත් කරගන්න බැරුව ඉද්දී රටේ අයවැය ගැන තමන් මොනව කරන්නද කියලයි. කොහොමරි ඊයේ පෙරේදා උන්නැහේගෙ ගෙදර දෙමව්පියන් වෙනුවෙන් ලොකු පින්කමක් තිබුණා. එතෙනට පැමිණි මැති ඇමැතිලා හිතවත්තු ළඟදි මෙතුමට ලැබෙන අලුත් පට්ටමට සුබපතද්දි උන්නැහේ කිව්වෙ තමන් දැන් දරන තනතුරටයි වැඩිය ආසා කියලා. අමාත්‍යංශෙ හරහා දකුණට ලොකු වැඩක් කරන්නත් හදනවය කියලා එයා කිව්වා...

ඒත් ඉතින් ආණ්ඩුවෙ දෙවැනි මහත්තය මේ වැඩේ කරන්නම කියලා කරපු ඉල්ලීම අන්තිමේ කොන්දේසි සහිතව පිළිගත්ත කියලත් කීවලු...

උන්නැහේගෙ කොන්දේසියවෙලා තියෙන්නෙ තමන් සල්ලි විෂය භාරගත්තට ඒක ගැන මහ දෙයක් නොදන්න නිසා වැඩේ දුවන්න කොළඹ... රාන්තුමා රාජ්‍ය මට්ටමට පත්කරන්න කියන එකලු... ඒකටත් ඉහළින් කොළ එළිය පත්තුවෙලා කියලයි ආරංචි... දැනට එතන ඉන්න මාතර යාපා උන්නැහේට උසස්වීමක් ලැබෙන නිසා කාරණා කටයුතු ඒ විදියට සිද්ධවෙයි කියලා තතුදත් අය කියනවා. ඒත් වැඩේ වෙන දිනේ තමයි කවුරුවත් නොදන්නෙ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00