2017 මාර්තු 25 වන සෙනසුරාදා

දුකයි අප්පා

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 387

මුහුදෙ ගමන් බිමන්වලට සම්බන්ධ ඇමැති අංශෙක මහ පුටුව මාරු වෙන්න යනවය කියලා එක කතාවයි... මේ ගැන ආණ්ඩුවෙන් කතා පැතිරුණෙ ගම්පහට දැන් තියන පට්ටම හම්බන්තොට පැත්තට යනවය කියලයි ආරංචි.

කොහොමහරි මේ කතාව යන්න ගත්තම විෂය භාර කස්ටිය කලබල වෙලා රටේ ලොකුම තැනින් ඉල්ලල පට්ටම රැක දෙන්න කියලා එතනින් ඒකට හොඳ ප්‍රතිචාර නැති නිසා ගම් පළාතෙ ඉන්න පරණ ලොකු නෝනට දුක කිව්වලු...

ඒව අලිපාටියට දීපුවා... එයාලා එක්ක බලාගන්නවා... කියලා පරණ ලොකු නෝනත් දෝස්මුරේ දාලලු.. ඉතින් කියන්න තියන හැම ලොකු තැනින්ම තමන්ට දොරවල් වැහෙන නිසා කලකිරුණු මේ රණකාමි ඇමැතිතැන තමන්ගෙ සහෝදර තැනත් එක්ක දිග කාලෙකට ගුවන්ගත වුණා කියලයි ආරංචි....

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00