2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

වාසනාව උදාවෙයි!

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 535

ඉදිරි මහ මැතිවරණයෙන් දියවන්නා කවුන්සිලේට සලුවෙන්න බැහැයි කියලා අනුමාන කරන අලි පාටියෙ තුන් හතර දෙනෙක් ඉන්නවා....

ගිං ගඟ මායිමේ, කළු ගඟ මායිමේ ආසනවලින් ආපු දෙතුන් දෙනෙකුත් ජාතික මට්ටමේ ලැයිස්තුවෙන් ඇවිත් ආසනයක් බාරගන්න වෙච්ච පොරකුත් මේ අය අතරෙ ඉන්නවලු

පක්ෂයෙ තිබෙන බල අරගලේදි මුන්නැහේලා කවුරුත් ඉන්නෙ පාටියෙ ලොකු මහත්තයත් එක්කයි. ඒකෙ වරදක් නැහැ. ඒ අයගෙන් දෙතුන් දෙනෙකුට ඉදිරි මහ ඡන්දෙන් පස්සෙ ජාතික ලැයිස්තු වාසනාව උදාවෙන්න යනවය කියලා අලි පාටි මහ කන්තෝරුව පැත්තෙ කතාවෙනවා ඇහුණා...

ඒ වගේම සමහරුන්ට දැනටමත් අත්පිට වාසිත් ලැබෙන්න පටන් අරන්ලු.

ඒ හින්දා උන්නැහේලා දැන් දිගින් දිගටම ඉහළ තැන් ආරක්ෂා කරගන්න බැහැලා වැඩ කියලයි පුංචිදාස උන්නැහේගෙ පැත්තෙ අය නම් කියන්නෙ....

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00