2020 ජනවාරි 25 වන සෙනසුරාදා

මුහුණට මුහුණ බලාගෙන ඉඳිමු

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 519

අලුතෙන් පත්වූ ආණ්ඩුවෙ කැබිනට් ඇමැති කස්ටියයි රාජ්‍ය ඇමැති කස්ටියයි පසුගිය මාස දෙකේම තනතුරුවලට කඹ ඇද්දා...

යන්තම් ආණ්ඩුවෙ ලොකු මහත්තුරැ කැබිනට්ටුව හරහා දොඩම් ගොඩම බදාගෙන හිටපු කැබිනට් කස්ටියගෙන් කෑල්ලක් අරන් රාජ්‍ය ඇමැති කස්ටියට දුන්න...

එහෙට බලතල ලැබුණ රාජ්‍ය ඇමැතිකෙනෙක් ආණ්ඩුවේ ඉන්නව.. උන්නැහේ එන්නෙ බස්නාහිර පළාතෙ පුංචි රෝමය කියලා හඳුන්වන පළාතෙන්... කියමුකො...

ඉතින් මේ රාජ්‍ය මට්ටමේ ඇමැතිතැනට මුලින් උප ඇමැතිකමක් ලැබිලා දෙවනුවයි ඒක රාජ්‍ය මට්ටමට උසස් වුණෙත්...

කොහොම හරි දැන් එයාට තිබෙන ප්‍රශ්නය ඒක නෙවෙයි... එයා රාජ්‍ය මට්ටමේ ඇමැති වුණාට උන්නැහේට හොඳ කන්තෝරැවක් තිබුණට ඒකෙ වැඩ කරන්න එකම සේවකයෙක්වත් පත්කරල නැතිලු...

එතෙන ඉන්නෙ ඇමැතිතුමයි ලේකම්තැනයි විතරලු... 

ඒ දෙන්න අමාත්‍යාංශයට උදේ ඇවිල්ල මුහුණට මුහුණ බලාගෙන ඉඳලා ගෙදරින් ගේන කෑම ටික කාලා හවසට යනවලු! ඔන්න ඔහොමයි එතන වැඩ...

අපිට මේ කතාව දැනගන්න ලැබුණෙ ඊයේ පෙරේදා මේ ඇමැති තැන දියවන්නා කවුන්සිලේ ලොබියෙදි උන්නැහේට වෙච්ච දේ ගැන කරනු දුක්මුසු විග්‍රහයේදියි...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00