2020 ජනවාරි 18 වන සෙනසුරාදා

නළුවා වෙනුවට අරයා

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 1190

අලි පාටියේ මහා ආචාර්යතුමෙක් අත්දෙකත් එකට අතුල්ල අතුල්ල මේ දවස්වල නළු මන්ත්‍රීගෙ වැඩ බල බලලු ඉන්නේ. එයා පස්සෙන් මෙයත් ගියාට ඇත්තටම මෙයා ගිහින් නළු මන්ත්‍රී එක්ක ගහපු ෆොටෝ ටික නිසා එයා කරන්න යන වැඩේ හැමෝටම වගේ තේරිලලු තියෙන්නේ. ඒ වෙන දෙයක් නෙමෙයි මෙයා ගම්පහට ඡන්ද කොරන්නලු යන්නේ. පළවැනි වතාවට මේ වැඩේට ලෑස්තිවෙන එතුමා එන්න යන්නෙත් අර නළු මන්ත්‍රීගෙ ඒරියල් එකේ. ඒක කලින්ම නළු මහත්තයට ආරංචිවෙලා යකා නැගලලු හිටියේ.

හැබැයි නළු කුමාරයා අමාරු වැටුණු වෙලෙත් එයා ආවලු බලන්න. කොහොම වුණත් ආයේ නළු කුමරයට ගම්පහින් නෝ චාන්ස් කියල පක්ෂයෙම අය කියන නිසා මහා ආචාර්යතුමා දත කට මැදන්ලු ඉන්නේ ඡන්දය ඉල්ලන්න. ඒකට මංගල පස් පිඬැල්ල ගිය අඟහරුවාදා නළු මන්ත්‍රීගෙ පක්ෂය තහනම් කිරීමත් සමඟ ලබාගත්තලු. කොහොම වුණත් මේ සිද්ධිය පොඩ්ඩ පොඩ්ඩ දැන් අළු යට ගින්දර එන වැඩක් වෙලාලු තියෙන්නේ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00