2020 ජනවාරි 18 වන සෙනසුරාදා

එයත් අප්සෙට්ලු

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 634

රන් - රාමගේ සීඩී හුටපටේ නැගලම යනවා...මේකෙන් අලිපාටිය, උසාවිය, පොලීසිය වගේම තවත් ප්‍රබල චරිත රාශියක්ම මාර අප්සෙට් එකකට වැටිලයි ඉන්නේ...

මෙයා වෘත්තීය නළුවෙක් හින්දා සිනමාවේ ඉන්න සුන්දර චරිත වගේම ප්‍රභූ සමාජයේ සුන්දර චරිතත් සෑහෙන්න මේ වැඩේට පැටලිච්ච බවයි පේන්නේ.

රන් - රාමගේ සීඩී කතා නිසා අපහසුතාවයට පත්වූ අය අතරේ මේ රටේ අය විතරක් නෙවෙයි පිටරට අයත් ඉන්නවය කියන ආරංචිය මේ සතියේ ලැබුණා.

අපට ලැබෙන තොරතුරු අනුව ඉන්දීය - දෙමළ සිනමාවේ සුපිරිම චරිතයක් මෙයා එක්ක දුරකතනයෙන් වල්පල් කතා කරන්න පුරුදු වෙලා හිටියලු..

ඒ කතාවලදී ලංකාවේ අනෙක් අය එක්ක කරපු ජාතියේ වැඩිහිටියන්ට පමණයි කතාත් සිද්ධ වෙන්න ඇති කියලා තතු දත් අය කියනවා. දකුණු ඉන්දියාවේ දෙමළ බයිස්කෝප්වල රජෙක් වගේ ඉන්න මේ නළුවා... මෙයාගේ වැඩේ නිසා දැන් ඉන්නෙ මාර අප්සෙට් මූඩ් එකේ කියලා කියනවා.

කොහොම නමුත් එයා ළඟදිම ලංකාවට ඇවිත් යන්න එන බවත් ඊයේ පෙරේදා නිවේදනේ කළා. හැබැයි ඒ එන්නෙ නම් රන්-රාමා හමුවෙන්න නෙවෙයිලු. වෙනත් වැඩකටලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00