2020 ජනවාරි 11 වන සෙනසුරාදා

මූලස්ථානෙත් අහිමි වූ නෝනා

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 475

අත පාටියේ නෝනා පහුගිය දවසක ගියා අත පාටියේම තිබ්බ රැස්වීමකට. ගිය වෙලාවේ ඉඳලා සමහර සංවිධායකවරැ කෑගහන්න ගත්තා එයාව යවන්න කියලා. අන්තිමට එයාට යන්න වුණා.

දැන් තමයි වැඩේ. සංවිධායකවරු බහුතරයක් මෙයාට අකමැත්ත ප්‍රකාශ කරලා පක්ෂයේ මහ ලේකම්ට කිව්වලු. මීටපස්සේ එයාව ගෙන්නන්න එපා කියලා. එහෙම ආරාධනා කරනවා නම් එයා එක්ක දේශපාලනය කරන්න එයාලා නෑ කියලා කිව්වලු. මීට පස්සේ එයාව පක්ෂ කාර්යාලය අතුළට නොගන්නත් මේ අය තීරණය කරලලු.

කොහොම වුණත් අන්තිමට අත පාටිය හදපු ලොවක් දන්න මහත්මයගේ සහ ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයක් හදපු මැතිණියගේ දුවට පක්ෂයත් කාර්යාලයත් දැන් තහනම් කලාපයක්ලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00