2020 ජනවාරි 04 වන සෙනසුරාදා

ලකුණට ගෝරියක්

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 488

අත පාටියේ දැන් අලුත් වලියක්ලු. ලේකම්ලා අතර තියෙන හුටපටයක් කියලයි ආරංචිය. එන මහ ඡන්දයට අත මොකද කරන්නේ කියලා. හැමෝම කියන්නේ පොහොට්ටුවට එකතුවෙමු කියලා. ඒත් පොහොට්ටු ලකුණෙන් බෑ කියලා. එක ලේකම් කෙනෙක් කියලා හිටපු මහ තැනත් තරගෙට එන නිසා කලිසමක් ඇඳන් එයාට පොහොට්ටුවෙන් ඉල්ලන්න බෑ කියලා. ඒ නිසා වෙන ලකුණකින් යමු කියලා.

හැබැයි තවත් ලේකම් කෙනෙක් කියනවලු ලකුණ මාරු කරන්න බැරි වුණත් ඉල්ලන්නේ පොහොට්ටුවෙන්ම තමයි කියලා. ඒ නිසා වැඩි කයිය නොගහ පොහොට්ටුවෙන්ම එයා නම් ඉල්ලනවා කියලා තීරණය කරලලු. හැබැයි මේ ප්‍රශ්නය දැන් අත දෙකට කැඩෙන තැනකට ඇවිත්ලු. කොහොම වුණත් එයාලගේ සභාවට දාලා මේ ගැන කතා කරමු කියලා තීරණය කරලා ඉවරලු.