2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

විකල්පයක් තියෙනවලු

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 607

ඉදිරි මහ ඡන්දෙන් පස්සෙ පුලතිසිපුරේට නැවතත් මහවැලි ඇමැති පට්ටම ගන්න කියල අත පාටියෙ ඒ පළාතෙ සමහරැන්ගෙන් ඉල්ලීමක් ඇවිත්ලු... ඒක පසුගිය දවසක පුලතිසිපුරේ හිටපු ලොකු තැනගෙන් පළාතේ ප්‍රබල දේශපාලන කෙරැම්කාරයන් කරපු ඉල්ලීමක්... මේ ඉල්ලීම කළේ උන්නැහේට උදව් පදව් කරපු අයට සලකන්න පවත්වපු සාදයකදි බවයි ආරංචි...

මැදිරි-ගිරියකට සම්බන්ධ දේශපාලන පොරක් මෛත්‍රීතුමාගෙන් මේ ඉල්ලීම දිගින් දිගටම කරනකොට හිටපු ලොකු මහත්තයා එයාලා අස්වසමින් උන්නැහේ කරන්න හදන දේ ගැන ඉඟියක් පළ කළාලු...

මගේ ළඟ විකල්පයක් තියෙනවා. ඒක මටත් ඔයාලටත් දෙගොල්ලටම පලදෙන විකල්පයක්. ඒක මම ක්‍රියාත්මක කරනවා. එතකොට ආයෙමත් අපි කාටත් කලින් වගේම හොඳින් වැඩ කරන්න පුළුවනි. කියල කතාවට තිත තිබ්බා.. එතන හිටපු අය වටෙන් පිටින් උන්නැහේ කරන්න යන දේ ගැන විමසුවත් එතුමා ඒ පිළිබඳව තවත් වචනයක්වත් කිව්වෙ නැතිලු.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00