2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

අහස කඩා වැටු‍ණෙත් නැහැ: පොළොව පැලුණෙත් නැහැ

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 571

ජනාධිපතිවරණයට කලින් හිටපු ආණ්ඩුවෙ එක්තරා සුළු පක්ෂ ලොක්කෙක් ට්විටර් පණිවුඩයක් දැම්ම. ඒකෙන් කියැවුණේ ගෝඨා දිනුවොත් අහස කඩා වැටෙයි පොළොව දෙපලු වෙයි කියලයි.ඒත් ගෝඨාභය දිනුව. එයා කිව්ව විදියට අහස කඩා වැටු‍ණෙත් නැහැ. පොළොව දෙපලු වුණෙත් නැහැ...

මේ වගේ කට කැඩිච්ච කතාවලට නම් දැරූ කිසිම මනෝමය තක්සේරැවක් නැති මේ දේශපාලුතුමා ගෝඨාභය ජනාධිපතිවරයා පත්වූ පසු එයා ගැන වර්ණනා කරමින් කලින් දොස් පරොස් කිව්ව ට්විටර් එකේම මැසේජ් දානවලු... ඒ පැත්තට පණිවුඩ පිට පණිවුඩ අරිනවලු.. ඒත් ආණ්ඩුව පැත්තෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ...

ඒ අතරෙ මෙයාගෙ බොහොම දයාබර කෙනකුගෙ පුතෙක් කැන්ගරැ දේශයේ තානාපති අංශෙට දේශපාලන පත්වීමකින් තල්ලු කරලා තිබුණා.. එයාටත් අද හෙටම ටිකට් කපාගෙන ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වෙන්න කරැණු යෙදිලලු...

ඒකත් මෙයාගෙ හිතට ලොකු බරක් වෙලා කියලා ආරංචියි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00