2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

වගකිවයුත්තා කවුද?

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 672

සීනුව ඇතුළේ ලොකු හෙළවීමක්ලු. හිතපු තරම් තියා ඇපයක්වත් නැතිවෙන්න පරාද වුණ එක ගැන ඇතුළේ අයගෙන්ම විරෝධයලු. මේකට හේතු ගොඩක් තියෙනවා කියලයි ඇතුළේ අය කතාවෙන්නේ. ඒ දේවල් එල්ලවෙන්නේ කුමාරයටලු.
දැන් වැඩේ කියන්නේ සාමාජිකයෝ ටිකක් අලුත් ප්‍රචාරක වැඩසටහනක් අරන් යනවලු. ඒ ජනාධිපතිවරණය වෙනුවෙන් වැඩකරපු එයාලගෙම බුකිවලින්ලු. සමහරු කියන්නේ කුමාරගෙන් ගලවලා උතුරු මැදම ඉන්න කටකාර කාන්තට වගකීම දෙන්න කියලලු. දැන් මේක රැල්ලක් වේගෙනලු එන්නේ. හැබැයි මේ වැඩේ කාන්තගෙම වැඩක් කියලා කසුකුසුවකුත් තියෙනවා. ඒ හේතුව මෙයා පහුගිය කාලේ පක්ෂයේ වැඩ ගැන ඇතුළේ ගොඩක් විවේචන කළ නිසා. හැබැයි එයා දැන්නම් වචනයක් කතා කරන්නේ නෑලු. එයාගෙ මේ නිශ්ශබ්දකම මේ හැමදේටම හේතුවක් කියලා හැමෝම හිතන බවත් කියනව. කොයි වෙලේ පුටු මාරුවක් වේද කියලා හැමෝම බයෙන්ලු ඉන්නේ.

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00