2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

කරණමක්

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 2247

අලි පාටියෙ කස්ටියගෙ ඡන්ද ප්‍රතිඵල සමාලෝචන මීටිමක්....

ඒකෙදි හුඟ දෙනෙක්ගෙ අදහස් උදහස් ඉදිරිපත් වුණේ ඉතාමත් ආවේගශීලීවයි.

ඡන්දෙට තරග කරපු සජී තුමා මේ රැස්වීමට සම්ප්‍රාප්ත වෙලා හිටියෙත් නැහැ. ඒත් උන්නැහේගෙ ගෝල බාලයො වැඩේ ගැන විග්‍රහ ඉදිරිපත් කරමින් හිටිය. සමහරැ සජීතුමාටත් සමහරැ නායකතුමාටත් දොස් පරොස් කියන්න ගත්ත... ඒත් නායකතුමා සියල්ලට ඉවසීමෙන් සවන් දෙමින් හිටිය.

මේ කතාබහ යන අතරෙ සජීතුමා ජාතික ආරක්ෂාව භාරදෙන්න හිටපු ෆොනීතුමා එකපාරටම කතාවට බැස්සලු. හැබැයි උන්නැහේ කතා කළේ අලි පාටියෙ නායකතුමා වෙනුවෙන්ලු.... උන්නැහේ කිව්වෙ මෙහෙමයි.

මෙතන ප්‍රධානියට දොස් කියලා වැඩක් නැහැ. උන්නැහේ කිව්ව විදියට උතුරෙන් ඡන්ද අරන් දුන්නා... ඉතින් කෝ දකුණෙ ගම් මට්ටම.... බිම් මට්ටම.... සේරම මට්ටම් වුණා නේද? ඒ නිසා මම කියන්නෙ හිසේ කැක්කුමට බෙල්ල කපාගන්න එපා කියලයි....

ෆොනී අවවාද ස්වරෑපයෙන් කිව්වා. එතැන හිටපු අය මුහුණට මුහුණ බලාගෙන නිහඬ වුණා.

ඒත් එතැන පිටිපස්සෙ හිටපු එක කටකාර කොළඹ පැත්තෙ මන්ත්‍රී සයිස් මහත්තයෙක් ළඟ හිටපු ගම්පහ සගයට කිව්ව.... හරි ෆොනීගෙ ජාතික ලැයිස්තු වැඩේ හරිය කියල....

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00