2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

සමුදෙන්නයි හදන්නෙ

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 649

මහ පුටු ඡන්දෙන් පැවැති ආණ්ඩුව චකබ්ලාස් වුණාම අලි පාටියෙ ගෝරි ගොඩයි.

එයාලගෙ සමහර ලොකු ලොක්කන්ට දුක මේ යෝධ පාටිය රටේ වාටියට තල්ලු වෙච්ච එක ගැනයි.

මේ වැඩේට හේතුව මහ ජාතියටත් මහ ආගමටත් ආණ්ඩුවෙ ප්‍රබල ඇමැති සයිස් එක්කෙනෙක් දෙන්නෙක් කියපු කරපු දේවල් කියල ලොකු ලොක්කො කතා වුණා...

ඉතින් මේ වැඩේට ඇඟිලි දිගුවුණ අය අතරෙත් දකුණෙ ඇමැති සයිස් මහත්තයකුට ඒව ගැන දෙන්න උත්තර තිබුණෙ නැතිලු....

ඒ අනුව අසූ නමයෙ ඉඳන් මැතිසබේ ඉන්න උන්නැහේ සම්පූර්ණයෙන්ම දේශපාලනේට සමුදෙන්න තීන්දු කරලා කියලා අලි පාටිය පැත්තෙන් කියැවෙනවා ඇහුණා.

දේශපාලනෙන් සමුඅරන් එයා දකුණු ඇමෙරිකාවෙ ආර්ජන්ටිනා රටේ පදිංචියට යන්නලු ඉන්නෙ. ඒ බව දැනටමත් එයා තමන්ගෙ සගයන්ට කියලලු.... කාලයක් මේ රටේ ඡන්ද දිනන යන්තරේ වගේ වැඩකරපු මුන්නැහේ අත පාටියෙන් පටන් අරන් තමන්ගෙ පියා වගේම අලි පාටියෙ නතර වුණ කෙනෙක්....

එයා ළඟදිම නිල්වලා ගඟට උඩින් සීතල ආර්ජන්ටිනාවට යන්නලු හදන්නෙ....

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00