2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

හංස පොහොට්ටු ආරවුල් ගෙදරටත් ඇවිත්ලු

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 682

අතපාටියෙ එක්තරා හිටපු ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා.. උන්නැහේ ලොකු නීතිකාරයෙක් හැටියටත් ප්‍රසිද්ධයි. ඉතින් උන්නැහේ අත පාටියෙන් කවුන්සිල් ඇවිත් කැබිනට් පට්ටමකුත් දැරුවා..

ඉතින් එයා අත පාටියෙ කස්ටිය මහින්ද උන්නැහේට සපෝට් කරන්න තීන්දු කළාම ඒ අනුව හිටපු ලොකු තැනගෙ පැත්තට සපෝට් කරන්න තීන්දු කළා. නමුත් ඒකට ලොකුම බාධකය ඇවිත් තියෙන්නෙ එයාගෙ ගෙදරින් කියලා කතාවක් යනවා. මොකද උන්නැහේගේ නෝනලගෙ හත්මුතු පරපුරම අලි පාටියෙ හොඳ කකුල්.. ඒ නිසා හිටපු ඇමැති නෝනා මහත්තයා කිව්වෙ කොහොමටවත් මම නම් පොහොට්ටුවෙ වැඩවලට නැහැ කියලයි. මේ ගැන ලොකු ගෝරිත් ගියාලු කොහොම හරි ප්‍රශ්නය විසඳුණේ නැහැ.

ඒ නිසා දැන් මහත්තය පොහොට්ටුව දිනවන්න වැඩ කරද්දී නෝන මහත්තය හංසය දිනවන්න බැහැලා වැඩලු. මේ හුටපට නිසා දැන් දෙන්න ඉන්නෙත් දෙපළක කියලයි කියැවෙන්නෙ.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00