2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

ලැයිස්තු මන්ත්‍රීකමට ලංසුවක්

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 784

පොහොට්ටුවෙ ලොකුතැන හම්බුවෙන්න එක්තරා ටයි කෝට් පොරක් ආවා... උන්නැහේ කාලයක් රැසියාව පැත්තෙ හිටපු තානාපති සයිස් මහත්තයෙක්... එයා දේශපාලන පත්වීමක් අරන් එහෙ ගියාට දේශපාලන වීරයෙක්.....

උන්නැහේ මේ පාර පොහොට්ටුවෙ ලොකු පුටුව දරන හිටපු ලොකු තැන හම්බවුණේ අමුතු වැඩකට....

එයාට ඕනවෙලා තිබුණෙ පොහොට්ටුව දිනුවොත් ඊළඟට එන ආණ්ඩුවෙ ලැයිස්තු මන්ත්‍රී පට්ටමක්... හැබැයි ඒක එයා ඉල්ලුවෙ නිකම්ම නෙවෙයි... එයා ඒ තනතුරට ලොකු ගණනක් නියම කරගෙනයි ඇවිත් හිටියෙ....

සර් මට මේක ලැබෙනවා නම් මට පාටියට ඡන්ද ආධාර හැටියට මිලියන හැට හැත්තෑවක් වුණත් දෙන්න පුළුවනි... මන්ත්‍රී අපේක්ෂකය කිව්වා.

ඒක ඇහුවම හිටපු ලොකුතැනගෙ කට කොනකට හිනාවක් නැගුණා. ඊට පස්සෙ එයා මෙහෙම කිව්ව... සල්ලිවලට මන්ත්‍රීකමක්... හ්ම්.... අයිෂෙ අපි ඕව පස්සෙ කතා කරමු... දැන් ඡන්දෙ දිනාගන්න ඕනනේ.... කියලා කතාව හමාර කරමින් නැගිට්ටා.

ඊට පස්සෙ හිටපු තානාපති තැන අප්සෙට් පිට යන්න ගියා. කලින් කලට පක්ෂ ගණනාවක් මාරැකරපු උන්නැහේගෙ ලංසුව මේ පාර හරි නොයෑම ගැන දැන් ඉන්නෙ කනගාටුවෙන්ලු.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00