2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

එයා අපේ කෙනෙක්

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 734

පසුගියදාක රටේ දෙවැනි මහත්තයා හෙවත් අලි පාටියේ ලොකු මහත්තයා මාතලේ පැත්තේ රැස්වීමකට ගියාම උන්නැහේට බාධා කරලා සද්ද බද්ද දාන්න දෙතුන් දෙනෙක් කරපු ජරමරය රෑ පෙට්ටියෙන් රටම දැකලා.

මේ වැඩේ සිද්ධ වුණාට පස්සේ ඉහළ නියමයෙන් ආරක්ෂක අංශ මේකෙ පසුබිම් කතාව සොයා බැලුවා. විශේෂ පරීක්ෂණයකුත් සිද්ධ කළා. ඒක කරලා ඉවර වුණාම දැනගත්තේ මේ කළේ හොඳ සිහියෙන් හිටපු කෙනෙක් නොවන බවයි. එයා ඒ පළාතේ එක්තරා දියවන්නා කවුන්සිලේ කෙනකුගේ සමීප හිතවතෙක් බවත් අනාවරණය වෙලා.. මේ තැනැත්තා ඔය කලබලය කරද්දි එතනට පැමිණි දියවන්නා කවුන්සිල් කෙනා එයා අපේ කෙනෙක් අපි බලාගන්නම් කවුරැවත් මැදිහත් වෙන්න එපා කියලත් වටේ හිටපු අයට කිව්ව බව පරීක්ෂණ වාර්තාවේ සඳහන්ලු.