2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

සන්ධානය කොටඋඩ

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 648

මහපුටුවට තරග වදින රතු සහෝදරවරු මේ දවස්වල ඒ සටනෙම ඉන්න ජනරාල්තුමයි, අර ලංකාවේ ණය ගෙවනවා කිව්ව එක්කෙනයි හම්බෙන්න නිතර යනවලු. ඒ කට්ටිය එක මේසෙකට ගන්න. කොහොම හරි දැන් වැඩේ අවසානෙට ඇවිත්ලු. ඒ ජනරාල්තුමයි, ණය ගෙවන හාදයයි මූණටම එයාලගේ තීරණය කියලලු. ආයේ මොන දේ කිව්වත් හැරෙන්නේ නෑ කියලා. ඡන්දය ඉල්ලනවම තමයි කියලා.

මේ නිසා සහෝදරයෝ මාර කලකිරීමෙන්ලු ඉන්නේ. වැඩේ එයාලට පාඩුවෙන නිසා. කොහොම හරි මෙයාලා අර දෙන්න එක්ක රාත්‍රි කිහිපයක් භෝජන සංග්‍රහවලදී රහසිගතව හම්බවුණාලු. මෑතක හම්බවුණ වෙලාවෙලු කිව්වේ ඉල්ලන එක අත් අරින්නේ නෑ කියලා.