2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ඒක රහසක්

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 691

කළුතර වෙල් මන්තිරිතුමා තමන් හඳුන්වා ගත්තෙ නොම්මර එකේ ශ්‍රී ලංකා කාරයෙක් හැටියට.. උන්නැහේගෙ ජ්‍යෙෂ්ඨත්වය ගැනත් එයා නිතරම ප්‍රසිද්ධියෙ කිව්වා... ඒ නිසා තමන්ට ගෝඨගෙ අපේක්ෂකත්වය පිළිගන්න බැහැ කියමින් පසුගිය කාලෙ ගෝඨට බරපතළ චෝදනා ගණනාවක්ම වේදිකාවෙදි එල්ල කළා...

කොහොම හරි මහින්ද උන්නැහේලා එක්ක ශ්‍රී ලංකා පාටියෙ තෙම්පරාදු වුණු වෙල් මන්තිරිතුමා මේ විදියට පොහොට්ටුවෙ අපේක්ෂකයට තදටම බරබරේ දැම්මත් මහින්ද උන්නැහේ නෙවෙයි කටක් ඇරියෙ... එයා වෙල්ට කිසිම පිළිතුරක් දෙන්නෙ නැතුව ඉන්නකොට සමහරැ ඒ ගැන හිටපු ලොකු තැනගෙන් ප්‍රශ්න කළා... ඒත් ඒවට උත්තර නොදුන් හිටපු ලොකු තැන බලමු බලමු කියමින් සිනා වුණා විතරයි...

කොහොම හරි වෙල් මන්තිරිතුමා මහපුටු ඡන්දෙට ඇප බැන්දා... ඒත් නාමයෝජනා දෙන දවසෙ එයා පළාතකවත් ආවෙ නැහැ... ඉබේම ඇපේ අවලංගු වුණා. ඒ කතාව හිටපු ලොකු තැනටත් දැන්නුවා... ඒ පාරත් එයා මහ හඬින් හිනා වුණා. ඇයි සර් ඒ?කස්ටිය ප්‍රශ්න කළා...

ඒක රහසක්... හිටපු ලොකු තැන කිව්වා.