2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ඡන්දෙට පොත් ගැහිල්ල

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 725

කොළඹට කිට්ටු දිස්ත්‍රික්කයක කටකාර ඇමැති සයිස් උන්නැහේ කෙනෙක් ඉන්නවා... එයාගෙ පවුලෙන් දෙන්නෙක්ම ඉන්නෙ දියවන්නාවෙ.

ඉතින් පසුගිය කාලෙ මුන්නැහේගෙත් තිබුණ ජනාධිපතිවරණ සිහිනය... ආණ්ඩු පක්ෂයෙ අපේක්ෂකය හැටියට ඉදිරිපත් වෙන්න....

එත් එහෙම තිබුණ සිහින බොඳකරන් පුංචි දාස උන්නැහේ ආණ්ඩුවෙ අපේක්ෂක පුටුවට නැගගත්තා... ඒත් ඒක නොවෙයි අපේ කතාව....

යට කී ඇමැති සයිස් උන්නැහේ පුංචි දාස එන්න කලින් හිතාගෙන හිටියෙම තමන් තමයි අපේක්ෂකය කියලා... ඒ හින්ද එයාගෙ අමාත්‍යංශයෙන් රටට කරපු වැඩ ගැන සඳහන් පොත් ලක්ෂ ගණනක් මුද්‍රණය කෙරෙව්වා... ඒවා මුද්‍රණය කෙරෙව්වෙ අපේක්ෂකත්වය හම්බවුණාම රටපුරා බෙදන්නලු....

ඉතින් අනේ උන්නැහේගෙ අවාසනාවට අපේක්ෂකකම නොලැබුණත් ඡන්දෙට ගහපු පොත් තොගය නම් ඉතුරැවෙලා තමන්ගෙ ගෙදර කොනක ගොඩගහලා තියෙනවා....

ඒක ජනාධිපති සටනට බෙදන්න බැරිවුණ නිසා ඊළඟ මහ ඡන්දෙදිවත් බෙදනව කියලයි දැන් උන්නැහේ කියන්නෙ.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00