2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

විනය පියවර ඉක්මන් කරන්නලු

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 592

ඡන්දයෙන් පැරදිලා ගෙදර ඉන්නකොට අත දීලා උඩට ගෙනල්ලා අත පාටියේ ලොකු තැනක් දුන්න දෙන්නෙක් පහුගිය දවසක අත ගසලා දාලා පොහොට්ටුවට ගියා. ඒ ගිහිල්ලා තමන්ට අත දුන්න අයට මේ අය හොඳට දෙහි කපනවා. මේ නිසා අත පාටියේ ලොක්කටයි ගෝලයන්ටයි අනිත් හැමෝටම වඩා මේ දෙන්නා ගැන තියෙන්නේ පුදුම තරහක්ලු. මොකද මෙයාල අත පාටියෙ ඉන්න සමහර අයට අලි පැටව් කියලා බණින නිසා. මේ නිසාම අලි පැටව් කියලා චෝදනා දාන අය ලියුමක් දෙන්නලු ලෑස්තිය මෙයාලගෙ විනය පරීක්ෂණ ඉක්මන් කරන්න කියලා.

වෙන මොනවත් නෙමෙයි මේ දෙන්නට ලැයිස්තුවෙන් දුන්න මන්ත්‍රීකම ගන්න කියලා ලොකුවට බල කරනවලු. මේ වැඩේට උඩින්ම ඉන්නේ පක්ෂයේ අලුත් ලේකම්තුමාලු. මොකද අර දෙන්නගේ කට වැඩි නිසා කට අඩු කරන්න තමයිලු මේ වැඩේ කරන්නේ. කොහොම වුණත් මේ වෙන්න යන දේ ගොඩක් අය කියන්නේ දෙගොල්ලම රෙදි ගලවගන්න වැඩක් කියලා.

 

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00