2017 මාර්තු 11 වන සෙනසුරාදා

වියපත් බඹරු

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1127

ඊයෙ පෙරේදා දවසක කවුන්සිලේ ලොබියෙ අමුතු කතාවක්... ප්‍රධාන පක්ෂ දෙකේම තරැණ විහිලුකාර මැතිඇමැති කස්ටියක් නොයෙකුත් විහිලු කතා කියමින් සිටියා...

ඔය කතාව යන අතරෙ එක්තරා ජ්‍යෙෂ්ඨ ඇමැති මහත්තයෙක් එතනින් යන්න ගියා...

එයා දිහා බලලා ඇහැක් ගහපු කොළඹ දිසාවෙ කටකාරයෙක් අන්න සැප ලද්දෝ කියලා කිව්වලු... ඒ කතාවත් එක්ක එච්චරවෙලා වෙනත් මාතෘකාවක් කතා කරපු මැති ඇමැතිලා රස කතාවලට බැස්සා...

“දන්නවද මේ දියවන්නාවෙ ඕනම ගෑනු ළමයෙක් දැක්කම කතා කරන දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ඔය ගියේ...” කළුතර පැත්තෙ විපක්ෂෙ පොරක් කිව්වා...

“ඔයා මොනවද දන්නෙ. ඇඳින්නත් නැතත් අතින් අල්ලගෙන කතා කරන දෙන්නෙකුත් ඉන්නවා. දෙන්නම වියපත් බඹරු. එක්කෙනෙක් ඌවෙ. අනිකා ගම්පහ... එක් කෙනෙක් අමරණීයයි... අනිත් එක්කෙනා නිර්මලයි... කියලා තවදුරටත් කතාව ගෙනියන්න හදන කොට එයාලා අමරණීයයි කියපු කෙනා එනව පෙනුණා... හා... කට.. කට.. කියපු කස්ටිය හෙමින්ම මාරුවුණා.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00