2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

හම්බුවෙන්නෙ අමුතු කට්ටියක්ලු

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 604

පොහොට්ටුවෙ අපේක්ෂක තැනට රැස්වීම් සම්මන්ත්‍රණ සංවිධානය එක එක මන්තිරිලට පවරලලු. ඒ අනුව එක එක්කෙනා තමන්ගෙ කටයුතු බලා කියාගෙන කරන බව ආරංචියි....

පසුගිය දවසක කිරිගොවීන් කැඳවා සම්මන්ත්‍රණයක් පැවැත්වීම හම්බන්තොට දිසාවෙ තරැණ මන්තිරි කෙනකුට පැවරුව...

ඒ අනුව උන්නැහේ අවශ්‍ය කටයුතු සංවිධානය කරල ඒ ගැන මැතිසබා ලොබියෙදි ලොකු කතාවක් කරමින් හිටිය. අද අපේ අපේක්ෂකතුමාගෙ සම්මන්ත්‍රෙණ් සංවිධානෙ කළේ මමයි... කියල මේ තරැණ මන්තිරිතැන කීවම අද කවුද හම්බුවෙන්නෙ කියල සහෝදර මන්ත්‍රීල ප්‍රශ්න කළා... කවුද ඉතින් කිරි ගවයො මිසක් මන්තිරිතුමා එකපාරටම කිව්ව.

කිරි ගවයො මොකටද මනුස්සයෝ හරක් හම්බුවෙන්නෙ... කියල හිතවත් මන්ත්‍රීල ඇහුව. එතකොට වැඩේ තේරුණා. මන්ත්‍රීතුමා ටක් ගාල වාෂ්ප වුණා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00