2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

එයාලගේ සහයත් මෙයාටලු

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 576

අලි පාටියෙන් ජනාධිපති අපේක්ෂකයා වෙයි කියල මෙයට මාස ගණනකට කලින් ප්‍රචාරය වූ ඇමැති සයිස් දෙන්නෙක් දැන් පුංචි දාස උන්නැහේගෙ සටනට එක්වෙන්න තීන්දුවක් අරන්ලු.

ඒ දෙන්නගෙන් එක්කෙනෙක් පසුගිය කාලෙ මේ සටන ඉලක්ක කරගෙන ලොකු ප්‍රචාරක ව්‍යාපාරයකුත් ගෙනිච්චා... කොහොම නමුත් බස්නාහිර පළාතෙ කොළඹ හා කළුතර දිසා නියෝජනේ කරන මේ දෙන්න දැන් පුංචි දාස උන්නැහේගෙ ඡන්ද සටනට සපෝට් කරයි කියල හීනියට ආරංචියක් යනවා...

ඒ අතරෙ අලි පාටියෙම ප්‍රබල චරිතයකට ඥාති සම්බන්ධතා ඇති දිසාවකට නායක වන ඇමැති සයිස් කෙනෙක් පසුගිය කාලෙ තමන්ටත් තමන්ගෙ ඥාතියටත් පක්ෂයේ ඇති අයිතිය ගැන තැන තැන කතා කළා... නමුත් දැන් එයත් දාස පිලට සප් එක දෙන්න ග්‍රීන් ලයිට් දාලලු...

ඒත් එයාලා කියන්නෙ පුංචි දාස උන්නැහේ අපට තවම කතා කළේ නැති නිසා තීන්දුවක් ගැනීම ප්‍රමාදයි කියලලු... ඒ හින්ද ළඟදිම පුංචි දාස උන්නැහෙයි එයාගෙ සගයොයි ගිහිල්ලා මේ නායක පවුලෙනුත් ආශිර්වාදය අරන් එයත් සටනට එක්කර ගන්න රහස් සාකච්ඡාවක් කළාලු.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00