2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ගැහිල්ලක්!

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 548

අලිපාටියේ පසුපෙළ ඉන්න හාදයෝ පහුගිය ටිකේ හිටියේ තැන් තැන්වල එකතු වෙලාලු. මේ අයගේ හමුවීම් ඉතාම රහසිගතව තියලා තියෙන්නේ. ඒකට හේතුව මේ අලිපාටියේ ජනපති අපේක්ෂකයා තෝරණ වැඩේ ගැන කතා කරපු හින්දලු. ඒ ඔක්කොම කියන්නේ පුංචිදාස ඕනේ කියලා. හැබැයි ලොක්කෝ විරුද්ධ නිසා වැඩේ ටිකක් අවුල් කියලා කට්ටිය කතාවෙලා.

මේ අතර එක සාකච්ඡාවකදී මේ ජනාධිපති අපේක්ෂකයා තෝරන වැඩේට අමුතු අමුතු කැපිලි දාන දෙන්නෙක්ගේ නම්ගම් උඩට ආවලු. දෙන්නම කොළඹ දෙන්නෙක්ලු. එක්කෙනෙක් හිරු මෙන් ඉන්න උතුරු කොළඹ එක්කෙනාලු. අනිත් එක්කෙනා කොළඹින් ආපු උස කෙනෙක්ලු. මේ දෙන්නට ගහන්න ඕනේ කියලා කට්ටිය කතා වුණාලු

ඒත් එතනින් උතුරු කොළඹ එක්කෙනා හැලුනලු. ඒ ඔය පසුපෙළ හාදයන්ට එයා සල්ලි භාරව හිටපු කාලේ සලකපු නිසා. ඒ හින්දා කට්ටිය කිව්වලු එයාට ගැහුවොත් ලෝක ලෙඩක් වෙනවා කියලා. ඒ නිසා අලියට නැති වෙන පක්ෂවලින් ආපු වෙන දෙන්නෙකුට ගහමු කියලා කට්ටිය ස්ථිර කරගත්තලු. දැන් ටාර්ගට් හදාගෙනලු ඉන්නේ. හැබැයි මේ වැඩේට මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී බාල්දියක් පෙරළිලා. ඒ හින්ද වැඩේ ටිකක් දුරට චකබ්ලාස්වෙලා කියලා කියනවා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00