2019 ජුලි 20 වන සෙනසුරාදා

පෙරළියක් වෙනවලු

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 1552

රටේ ඉහළම තැනක ඉන්න කෙනෙක් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන ආණ්ඩුවෙම ගම්පහ පැත්තෙ ක්‍රියාශීලී ඇමැති සයිස් මහත්තයෙක් එක්ක කතාවකට වැටුණලු.

රණකාමී ඇමැතිතුමත් දේශපාලන පවුලකට සම්බන්ධ කෙනෙක්. උන්නැහේගෙ පවුලෙ උදවිය රටේ මහ පක්ෂ තුන හතරටම සම්බන්ධයි...

කොහොම හරි මේ ඇමැති තැන රටේ ඉහළම තැනක ඉන්න ප්‍රබලය එක්ක කතා කළේ ඒ ප්‍රබලය මහ පුටු ඡන්දෙට ආයෙමත් තමන්ගෙ පාටියෙන් එනවද කියල දැනගන්නත් එක්කයි...

උන්නැහේ ප්‍රබලයගෙන් වටෙන් ගොඩෙන් ඒ ගැන ඇහුවම කතාව තේරැම් ගත්ත ප්‍රබලය දුන්නෙ අමුතු උත්තරයක්ලු.

ඔව් මම එනව... මම එනව විතරක් නෙවේ.. ඔය සටනෙදි මුලින්ම නාමයෝජනා භාරදෙන්නෙත් මමයි...

උන්නැහේ තමන්ගෙ තීන්දුව කිව්ව.. එතකොට ඇමැති සයිස් පොර මෙහෙම ඇහුවලු...

එතකොට සර් හිටපු ලොකු මහත්තයත් කෙනෙක් දානව කියන්නෙ...

ඔව් ඔව්. එහෙම දැනට කියනව. ඒත් මම නාමයෝජනා දුන්නම වෙන දේ බලන්න... ඒක ලොකු පෙරළියක් බව නම් කියන්න පුළුවන්. හැබැයි දැන්ම විස්තර කියන්නෙ නැහැ.. එදාට බලන්නකො.. ප්‍රබලයා කිව්වා..

මේ පෙරැළි කතාව අහල ඇමැති තැන අන්දුන් කුන්දුන් වුණේ මොකුත් හිතාගන්න බැරැවලු.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00