2019 ජුලි 20 වන සෙනසුරාදා

පොහොට්ටුවට නම් හතරක්

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 557

පසුගියදාක තිබුණු පොහොට්ටු නායක රැස්වීමේදි හැමෝම කතා කළේ අලුත් ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන... මේ කතාව යන අතරෙ සමසමාජයක් හදන්න බලන් ඉන්න පැරණි ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකතුමෙක් අමුතු යෝජනාවක් ඉදිරිපත් කළා.

උන්නැහේ ගෙනා යෝජනාවෙදි එයා පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයන් හතර දෙනෙක්ගෙ නාමලේඛනයක් ඉදිරිපත් කරමින් කියා හිටියෙ ඉදිරි මහ පුටු ඡන්දයට මේ හතර දෙනාගෙන් කෙනෙක් ඉදිරිපත් කළොත් ඒක ඉතාම හොඳ බවයි.

චමල් උන්නැහේ - දිනේෂ් උන්නැහේ වගේ අයගෙ නම් ඒ ලැයිස්තුවෙ තිබුණු බවත් ආරංචියි...

ඒත් ඉතින් පක්ෂ නායකයො ඒ කතාවට ඒ තරම් මනාප වුණේ නැහැ. එයාල කළේ සුදුසු අපේක්ෂකයා වෙලාවට නම්කිරීම හිටපු ලොකු තැනට පැවරීමයි... ඒ සමඟ අපේක්ෂක කතාව යට ගියා.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00