2019 ජුනි 29 වන සෙනසුරාදා

තරග කරන්නෙ කව්ද?

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 679

උතුරු සන්ධානෙ ලොකු මහත්තයයි ඒකෙ ඉන්න නීතිඥ මන්තිරිතුමෙකුයි පසුගියදාක රටේ දෙවැනි මහත්තයා මුණගැහුණා කියල ආරංචියි..

එයාල දෙවැනි මහත්තය හම්බවුණේ ඊළඟ මහ පුටු සටන ගැන විස්තර ටිකක් දැනගන්නයි.

මොකද උතුරු සන්ධානෙ සපෝට් එක මේ ඡන්දෙදි අලි පාටියට කොහොමත් ඉතාම වැදගත් නිසා මේ හමුවේදි වැඩිපුර අවධානෙ දැක්වූවෙ මහ පුටු සටනට තරග කරන අපේක්ෂකයා කව්ද කියන එකටයි.

එයාලා අලි පාටියෙ ලොකු මහත්තයාගෙන් කෙළින්ම විමසා සිටියේ දැන් මහ පුටු තරගෙත් කිට්ටුයි.. ඒ නිසා තරගෙට එන්නෙ කව්ද කියා තෝරගෙන ඉවරද කියලයි..

ඒ ප්‍රශ්නයට සැහැල්ලුවෙන් උත්තර දුන්න ලොකු මහත්තය මොකද්ද තොරන්නෙ මමනේ තරග කරන්නේ. ඔයාලට මුකුත් ප්‍රශ්නයක් ද කියලා එයා ඇහුවා..

එතකොට උතුරු සන්ධානෙ ලොකු මහත්තය කිව්ව.. නැහැ සර් අපිට ප්‍රශ්නයක් නැහැ.. ගුඩ්ලක් සර්.. ගුඩ්ලක්..

එහෙම කියපු උතුරු සන්ධානෙ දෙන්න යන්න ගියා..

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00