2019 ජුනි 22 වන සෙනසුරාදා

තානාපති නෝනට කොත්තු රොටී

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 578

ලංකාවේ ඉන්න ලෝකෙ බලවත්ම රටේ තානාපති නෝනා සාමාන්‍ය හෝටලේකට ගිහිල්ලා කොත්තු රොටී කන පින්තූරයක් පසුගියදාක මුහුණු පොතට එක්කරලා තිබුණා.

මේ හෝටලේ කොළඹ හා ඒ අවට නගර ගණනාවක ශාඛාවල් තියෙන ප්‍රසිද්ධ මුස්ලිම් හෝටලයක්.

ගාලු පාරේ කොල්ලුපිටිය නගරයේ තියන මේ හෝටලේ රාත්‍රී කාලයට සෑහෙන සෙනඟ පිරෙන තැනක්.... ඉතින් මේ තානාපති නෝනා ඔය කියන මුස්ලිම් අයගේ හෝටලේට ගිහිල්ලා ප්‍රසිද්ධියේ කෑම කෑවේ සමහරු සැකය නිසා මුස්ලිම් හෝටල්වලට යන්න තියන බය නැති කරන්න කියලයි ආරංචි...

මේ නෝනා ලෝකෙ බලවත්ම රටක කොළඹ ඉන්න තානාපති නෝනා හින්දා එයාගේ කොත්තු කෑම ලෝකෙ වටේ නැගලා ගිය ප්‍රවෘත්තියක් වුණා.

 

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00