2017 මාර්තු 04 වන සෙනසුරාදා

කවුරු එක්කද සටනට යන්නෙ?

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

 

ඉදිරි පළාත් සභා ඡන්දෙට එන්න බලාගෙන ඉන්න සන්ධානෙ බස්නාහිර පළාතෙ පළාත් බබ්බුන්ට පහුගියදා ලොකු රැස්වීමක් තිබුණා... ඒකට පළාත් බබ්බු 18 දෙනකුයි පළාතෙ නිල් පාටියෙ මැති ඇමැති කස්ටියකුයි ඇවිත් හිටියා.

අපට ආරංචි විදියට පැමිණ සිටි කස්ටිය අමතා කතා කළේ මහ සන්ධානෙ ලොකු ලේකම් මහත්තයලු.

පළාත් සභා සටන දිනාගන්න කළ යුතු වැඩ ගැන කතා කරලා තමන්ගෙ කොට්ඨාසවල වැඩ කරන්න හිඟ පාඩු තියන සල්ලි ගැනත් ඇහුවලු... ඕන කරන අයට අවශ්‍ය මුදල් දෙන්නම් කියල පොරොන්දුවෙලා... ඊටපස්සෙ සමහරැන්ගෙ ඇඟපත ටිකක් රත්වීගෙන එන කෑම බීමත් ලැබුණ කියනවා...

ඉන්පස්සෙ වැඩ කරලා විතරක් ඡන්දෙ දිනාගන්න බැහැ කියපු සමහර පළාත් සහ පාර්ලිමේන්තු මහත්තුරු දැන් කවුරු එක්කද ඊළඟ ඡන්දෙ කරන්නෙ කියලා ප්‍රශ්න කරලා...

එතෙන්දි... ටිකක් කල් ගතකරපු ලේකම්තුමා... කව්රු එක්කද ඉතින් අලි පාටිය එක්ක මිසක් කියලා... කතාව අවසන් කරන කොට එතන හිටපු අය එතකොට ඒකාබද්දෙ කියල මතක් කළා කියනවා... ඒකට මහ ලේකම්තුමාගෙ උත්තරේ හිනාවක් විතරලු...