2019 ජුනි 08 වන සෙනසුරාදා

ඇමැතිගෙ ආධාරෙ

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 919

පාස්කු ඉරිදා ඛේදවාචකය සිද්ධවෙලා දවස් දෙක තුනකින් ආණ්ඩුවෙ සුළු පක්ෂ ලොක්කෙක් වෙන ඇමැති කෙනෙක් මීගමු පළාතෙ ආසනයක් බලාගන්න අලි පාටියෙ තරැණ මන්තිරි කෙනකුට දුරකතන ඇමතුමක් දුන්න...

මන්තිරිතුමාට මේ ඇමතුම දුන්න ඇමැති සයිස් මහත්තය පසුගිය දවස්වල සමාජයේ දැඩි කතාබහට ලක්වුණු, පස්සෙ තනතුරටත් ආයුබෝවන් කියාපු චරිතයක් කිව්වොත් ඒක හරි.

ඉතින් උන්නැහේ කතා කරල මන්තිරිතුමාට යෝජනාවක් කළාලු. ඒ යෝජනාවෙන් කියැවුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරණයට පත්වුණු හා තුවාල ලත් අයගෙ ගෙවල්වල උදවියට තමන් ආධාර පිරිනමන්න සූදානම් බවයි...

මේ කතාව ඇහුව තරැණ දොස්තර මන්තිරිතුමාට අසූහාරදාහට කේන්ති ගියා. එහෙම වුණේ යෝජනාව කළ ඇමැතිතුමා ගැන තිබෙන කතා මන්තිරිතුමා අහලා තිබුණු නිසයි...

ඇමැතිතුමා දිගින් දිගටම මන්තිරි තැනට කතා කරමින් ආධාර දෙන්න කතා කරනකොට ගෝරියට ගිහිල්ල වැඩේ අල කරගන්න ඕන නැහැය කියල හිතපු මන්තිරි තැන තමන්ගෙ ටෙලිෆෝන් එක ඕෆ් කරල පැත්තකට වුණා. ඊට පස්සෙ ඇමැතිතුමා ආයෙත් ආධාර කතා කියාගෙන ආවෙ නැහැ.

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00