2019 ජුනි 01 වන සෙනසුරාදා

එයා පක්ෂයි මෙයා විපක්ෂයි

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 464

ආණ්ඩුව කළඹපු විශ්වාසභංගය ගැන හැමතැනම කතාබහ වෙනවා...

දියවන්නා කවුන්සිලේ ලොබියේ අලි පාටියේ කොළඹට කිට්ටු දිසාවක මන්තිරි උන්නැහේලා තුන්හතර දෙනෙක් ඒ ගැන බර කතාවකට වැටිලා හිටියා...

ඔහොම විශ්වාසභංග කතාව ඇදිලා යද්දි කුරුණෑගල පැත්තෙන් ඇවිත් සිංහයෙක් වගේ ඉන්න රාජ්‍ය ඇමැති මට්ටමේ කෙනෙක් එතෙන්ට ආවා...

උන්නැහේ එනකොට විශ්වාසභංග ඉස්ටෝරිය නැගලම යමින් තිබුණා. ඒකට සවන් දීපු රාජ්‍ය ඇමැති තැන එතන හිටපු තරුණ දොස්තර මන්තිරි කෙනෙක්ගෙන් ඇහුවා දැන් මේ යෝජනාවේදී ඔයා විරැද්ධව ඡන්දෙ දෙනවද කියලා...

පිස්සුද අයියේ මම විරුද්ධ නැහැ. මගේ ඡන්දෙනම් දෙන්නේ විශ්වාසභංගෙට පක්ෂවයි...

උන්නැහේ විපක්ෂ යෝජනාවට පක්ෂපාති බව දැනගත්තම එයාට ඒ තීන්දුව ගැන තවත් ටිකක් හිතන්න කියලා එතනම හිටපු ගම්පහ පැත්තේ නියෝජ්‍ය ඇමැති කෙනෙක් කතාවට අල්ලගත්තා.

ඔයා මේකෙදි මොකද කරන්නේ? කුරුණෑගල රාජ්‍ය ඇමැති තැන නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රශ්න කළා...

මොනවා කරන්නද? මම නම් ඒකට විරුද්ධයි

ෂුවර්ද?

ඔව්. සීයට දාහක් මම විරැද්ධයි* නියෝජ්‍ය ඇමැති නැවතත් කිව්වා..

එහෙම කරලා ඊළඟ පාර ඡන්දෙට අවුලක් නැහැනේ කුරුණෑගල රාජ්‍ය ඇමැති තැන ප්‍රශ්න කළා...

මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. කොහොමත් මේ පාර මම නම් දිනන එකක් නැහැ... ඒ හින්දා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකයි හොඳ... නියෝජ්‍ය ඇමැති තැන උත්තර බැන්දා. ඔයා දැනටමත් ඡන්ද ප්‍රතිඵල දන්නවද කියලා අහපු කුරැණෑගල රාජ්‍ය ඇමැති තැන එතැනින් මාරු වුණා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00