2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

එයා ඇවිත් නැහැ

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 519

පසුගිය දවස්වල හිටපු ලොකු තැන නුවරඑළිය පැත්තෙ දවස් ගණනක් නිවාඩුවක් ගත කළා....

සාමාන්‍යයෙන් උන්නැහේ නුවරඑළියෙ නිවාඩු ගත කරනකොට සැමදාම කුකුළා මල්ලෙ දාගෙන එයා බලන්න එන පළාතෙ වතුකර දේශපාලන ලොක්කෙක් ඉන්නවා...

ඒත් මේ පාර හැමදාම එන එම දේශපාලන ලොක්ක හිටපු ලොකු තැන බලන්න ආවෙ නැහැල්ලු... ඒකට විශේෂ හේතුවක් තිබුණ බවයි වතුකර දේශපාලන ලොක්කගෙන පැත්තෙන් කියැවුණේ.

ඒ ගැන විපරම් කරපු හිටපු ලොකු තැනට සමීප උඩරට දේසපාලුතුමන්ලට කාරණා දෙකක් දැනගන්න ලැබුණලු. ඉන් පළමුවැන්න තමයි කළින් හිටපු ලොකු තැන එක්ක ගනුදෙනු කළ වතුකර ලොක්කා කැබිනට් පට්ටමක් බලාගෙන අලි පාටිය දිහාට ඉව ඇල්ලීම... ඊළඟට එයා නොඑන්න බලපාපු තවත් කාරණාවක් තිබ්බා... ඒ තමයි උඩරටට පැමිණි හිටපු ලොකු තැන වතුකර ලොක්කගෙ දේශපාලන එදිරිකාරයෙක් වන රාධා ඇමැති තැනගෙ කෝවිලේ පූජාවකට සහභාගි වීම...

මේ හුටපට නිසා කුකුළත් අරන් හැමදාම හිටපු ලොකුතැන බැහැදකින වතුකර ලොක්ක පළාතෙ ආවෙ නැතිලු.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00