2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

පිනා චාන්ස් එකක්

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 552

පහුගියදාක රටේ ලොකු මහත්තයා ඌව පැත්තෙ ගියේ ලොකු සංවර්ධන වැඩකට මුලපුරන්න...
ඉතින් උන්නැහේ එන නිසා වැඩේ සංවිධානෙ කරපු සැර කතා කියන ඇමැතිතුමා සෙනඟ ටිකක් ගේන්නත් වැඩක් සැට් කළා... පහුගිය මහ ඡන්දෙදි මනාප හිඟවෙලා ලැයිස්තුවෙ සරණ ගිය මුන්නැහේ තමන්ට තියන ජන ශක්තිය පෙන්නන්න සෙනග තුන්දාහක් ගේන්නයි ප්ලෑන් කළේ...

උත්සවේට එන ජනතාවට දවල් ආහාරෙ සපයන්න කෑම පැකට් තුන්දාස් පන්සීයක් විතරත් ගෙනාව...
ඒත් අනේ එච්චර කෑම ගෙනාවට රැස්වීමට ආවෙ එක්දාස් දෙසීයලු. ඉතින් ඊළඟට ගෙනාපු කෑම ටිකට මොකද කරන්නෙ කියන ප්‍රශ්නෙ මතුවුණා... ඇමැතිනි නෝනත් කෑම පැකට් දෙන තුන හතර ජනතාවට බෙදුවා... ඒ අස්සෙ අපේ ඇමැතිතුමාට විරුද්ධව ඒ පළාතෙ දේශපාලනේ කරන රාජපක්ෂවරයකුගෙ කන්තෝරුවටත් මේ විදියට නොමිලේ බෙදපු කෑම ලැබිලා...

එදා ඇත්තටම ඒ කන්තෝරුවෙ හිටපු අයට කෑම තිබුණෙ නැතිලු... එයාල තමන්ට බණින ඇමැතිට පින්දීලා ගෙනාපු කෑම කෑවා කියලයි ආරංචි..