2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

එහෙම වුණේ මොකද අනේ

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 303

ආණ්ඩුවෙ ලොකු මහත්තයකුගෙ ප්‍රධානත්වෙන් කෑගලු පළාතෙ රෝහල් බිමක ලොකු උත්සවයක් තිබුණ... උත්සව භූමියෙ වේදිකා දෙකක් හදලත් තිබුණය කියමුකො...

ප්‍රධාන වේදිකාවෙ ලොකු මහත්තයල ප්‍රධාන අමුත්තො කිහිපදෙනා අසුන් ගත්ත. අනෙක් සියලුම ප්‍රභූවරු දෙවැනි වේදිකාවෙ හිටිය.

උත්සවේ පටන් අරන් ටික වෙලාවක් යනකොට ලොකු මහත්තුරුන්ගෙ ඇස් ඉදිරිපිටම දෙවැනි වේදිකාව කඩා වැටුණා. ඒකෙ හිටපු කීපදෙනෙක්ගෙම ඔලු පැලිල නොයෙක් තුවාල සිද්ධ වුණා... ඒ ගමන එදා විවෘත කරපු අලුත් රෝහල් වාට්ටුවට මුලින්ම ඇතුළු කළේ වේදිකාව කඩා වැටිලා ඔළු පැළුණු උදවිය...

ඉතින් රටේ වැදගත්ම අය සහභාගිවෙන උත්සවවල වේදිකාවල් මේ විදියට පත බෑවෙන්නෙ මොකද කියන එක ගැන වහාම සොයා බලන්න තීන්දු කළාලු... මේ පරීක්ෂණ කතාව ගැන එතන ඇතිවුණ සාකච්ඡාවකදි තතු දත් කෙනෙක් මෙහෙම කිව්වලු.

ඕව හොයන්න යන්න එපා. නඩුයි බඩුයි දෙකම එයාලගෙ... එහෙම කියපු කෙනා ඉන් එහාට නම් මුකුත්ම කිව්වෙ නැතිලු...