2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

කොක්ක ගැහිල්ල

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 256

ආණ්ඩුවෙ බලවත් ඇමැති පට්ටමක් දරන මුදල් හදල් හොඳට තියන දේශපාලන කෙරැම්කාරයෙක් ජයවර්ධනපුරේ පැත්තෙ මහ මැඳුරක් හදනවලු... ඒකෙ වියදම රුපියල් මිලියන 200කට කිට්ටුයි කියලයි ආරංචි...

ගෙයි වියදම කොපමණ ලොකුවට ඇස්තමේන්තු කළත් ඒකට අවශ්‍ය සමහර මෙවලම් බඩු බාහිරාදිය සපයන්නෙ ව්‍යාපාරිකයොලු. පහුගියදාක ලෝකෙ ඉහළම වටිනාකමක් ඇති ටයිල් කන්ටේනර දෙකක් මේ නිවාස ව්‍යාපෘතියට ගෙනාවලු. ඒක එව්වෙ ළඟදි මේ රටේ විශාල පැක්ටරි දෙකක් දාන්න ට්‍රයි කරන ඉහළ පෙළේ ව්‍යාපාරික ලොක්කෙක්ලු.
ලොකු විභාග පාස් නැතත් හොඳට අතමිට තියන ව්‍යාපාරික තැනට පහුගිය සෙනසුරු ග්‍රහ මාරුවෙන් පස්සෙ රවි උච්ච වීම නිසාලු මේ කටයුතු සිද්ධවෙන්නෙ.

පුදුමෙ කියන්නෙ ගිය ආණ්ඩුවෙ ලොකු ලොක්කන්ගෙ මැදපෙරදිග පැත්තෙ තියන දේපොළ බලා කියා ගත්තය කියලා මෙයාලම චෝදනා කරපු මෑන් එක්ක මෙහෙම ගනුදෙනු කිරීමයි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00