2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

හොරු ඇල්ලීම

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 522

රටටම තෙල් බෙදන තැන රටේ නැති හොරකම් වෙනවා කියලා දැනගත්‍ත අපේ ලෝකපූජිත හිටපු ඇමතිතුමා ඒ ගැන හොයන්න විමර්ශන කණ්ඩායමක් පත්කරන්න එයා ඉන්න කාලේ ලෑස්ති වුණාලු. ඉන්න කට්ටියටත් එක එක චෝදනා තියන නිසා පිටින් ගන්න ඇබෑර්තු ගැසට් කරලා සම්මුඛ පරීක්ෂණත් තිබ්බලු. කට්ටිය ඇතුළට ගන්න විතරමලු තිබ්බේ.

හදිසියේම ආණ්ඩුව පෙරළුණු වෙලාවේ ලෝක පූජිතගෙ ඇමතිකම මාරු වුණා. ඒකට ආවා අලිපාටියේ හිටිය ලොකු කෙනෙක්. පුදුමේ කියන්නේ එයා මේ වැඩේ දැනගෙන ඒ කට්ටිය ගන්න එක නතර කරලලු. ඒ වෙනුවට හොරු අල්ලන්න චෝදනා තියෙන කට්ටියටම පවරලලු. ඒ නිසා වැඩේ කෙරෙනකම් විශ්වාසයක් නැතුව කස්ටිය බලන් ඉන්නව. බැරිවෙලාවත් පරීක්ෂණ භාර අය හොර මැරකම්වලට සිකියුරිටි දෙන්න ගියොත් වැඩේ පෝරියල් වෙයි කියල ආරංචියකුත් යනව. මේව මෙහෙම වෙන්නෙ ආණ්ඩුවෙ ඇමැතිල - ඇමැතිල අතර තියෙන ප්‍රශ්න නිසා කියල දැනගන්න තියෙනවා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00