2019 මාර්තු 30 වන සෙනසුරාදා

අස්වීම ඉරලා දමයි

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 709

උතුරු සන්ධානෙ ජ්‍යෙෂඨයෙක් තමන් දරන පක්ෂයේ ඉහළම පට්ටමෙන් අයින් වෙන්න තීන්දුවක් අරන්ලු... උන්නැහේ මෙහෙම අයින්වෙන්න යන්නෙ සන්ධානෙ මහ පුටුවට ඉව අල්ලන අලුත් මන්තිරි භවතෙක් නිසාය කියලයි ආරංචි...
සේනාවක රජෙක් වගේ ඉන්න මේ නායකයා දෙවැනි වන්නේ පක්ෂ නායත්වයට විතරයි කියලයි තතුදත් අය කියන්නේ...

අලුත් නළුවෝ නිසා එයාට ඇතිවෙච්චි කලකිරීම හේතුවෙන් තමන්ගෙ පට්ටමෙන් අයින් වෙන්න හිතල පක්ෂ නායකයට උන්නැහේ දිගම දිග ලියුමක් ලිව්ව... ඒ ලියුමේ තමන්ගෙ හිතේ පිපිරෙන කනස්සල්ලත් සටහන් කළාලු...

ඔන්න ඉතින් මේ ලියුම ඊයේ පෙරේදා උතුරු සන්ධාන පාටියේ ලොක්ක අතට පත්කළේ ඇත්තටම යන්න හිතාගෙනයි.

කොහොමහරි මන්ත්‍රී භවතගේ දිග ලියුම කියවපු පක්ෂ නායක තැන මෙයා පිස්සු වැඩ කරන්න හදන්වා... කියමින් ලියුම ඉරලා විසිකළාලු... 

තමන්ගෙ අස්වීම පාටි ලීඩර් පිළිනොගන්න නිසා සේනාවේ - රජ්ජුරුවන්ට යන්න විදියක් නැතුව ටැග් ගැහෙමින් ඉන්න බව උතුරෙන් ආරංචි වෙනවා. 

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00