2019 මාර්තු 30 වන සෙනසුරාදා

කටට වැටක්?

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 634

අලි පාටියෙ පසුපෙළ වාඩිවෙලා ඉන්න කටකාර මන්තිරි ගොල්ලගෙන් සමහරැ පාටියෙ දේශපාලන තීරණ තැන් තැන්වල විවේචනේ කරන එක ගැන පක්ෂයේ ඉහළම දෙතුන් දෙනෙකුට කේන්ති ගිහිල්ලය කියලා ආරංචියි.

විශේෂයෙන් තිරය පිටිපස්සේ සිද්ධවෙන හදිසි මහ ඡන්ද කතා ජාතික ආණ්ඩුව කතා වගේ දේවල් ගැන අසතුටින් ඉන්න ඌව පළාතෙ කටකාරයෙකුත් පාටියේ පසුපෙළ සමහරු එක්ක මේ කතාවලට බාල්දි පෙරළන එක ගැනලු පාටියෙ ඉහළම ලේකම් සයිස් මහත්තුරැ කිහිප දෙනෙකුට මලපැනලා තියෙන්නෙ. සීනුවේ කස්ටිය හෙමින් හෙමින් ඉස්සරහට තල්ලු කරන විධායකේ නැති කරන යෝජනාවටත් අලි පාටියෙ පසුපෙළ බෙදිල කියලයි ආරංචි...

කොහොමහරි පාටියේ තීන්දු තීරණවලට විරුද්ධව එළියේ නෝක්කාඩු කියන මන්තිරි සයිස් දෙතුන් දෙනෙකුට ළඟදීම ඉහළින් සැර අවවාදයක් දෙන්නලු යන්නෙ...

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00