2019 මාර්තු 23 වන සෙනසුරාදා

එයාටත් දිනන්න පුළුවන්ලු

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 662

ඒකාබද්දෙ මහ පුටුව දරන හිටපු ලොකු තැනට පසුගිය දවස්වල දිස්ත්‍රික්ක දෙකකින් බරපතළ පැමිණිලි ගණනක් ලැබුණලු...

ඒ පැමිණිලි ලැබුණෙ ඒකාබද්දෙ ඉන්නෙ ජ්‍යෙෂ්ඨතම කෙනෙක් ගැන කියලයි ආරංචි. උන්නැහේගෙ පවුලෙන් ලබන මහ ඡන්දෙට දෙන්නෙක්ම ඉදිරිපත් කරන්න සැලසුම් කරලයි තියෙන්නේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය මත උන්නැහේ ඈත ඌවේ දිස්ත්‍රික්කයකිනුත් උන්නැහේගේ පුත්‍රයා බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කයකිනුත් ඉල්ලන්නයි සූදානම... ඌව පළාතෙන් එන්න එන ජ්‍යෙෂ්ඨයා එහේ දිස්ත්‍රික්කෙක ඒකාබද්දෙ නායකයා හැටියටත් පත්කරලලු.

එහෙම තියෙද්දි උන්නැහේ ඒකාබද්දෙන් රටේ මහ පුටු සටනට ගේන්න යන කෙනාට විරුද්ධව කතා කිරීම දිස්ත්‍රික්ක දෙකේම පක්ෂ සංවිධානෙට වාතයක් වෙලා කියලයි මේ ගැන පැමිණිලි කළ පළාතේ ජ්‍යෙෂ්ඨයෝ හිටපු ලොකු තැනට කීවේ... දිස්ත්‍රික්ක දෙකේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් හත් අට දෙනෙක්ම මේ ගතු කීමට එකතු වෙලා...

දෙගොල්ලොම කියලා තියෙන්නේ මුන්නැහේ ජ්‍යෙෂ්ඨ වුණත් පක්ෂ තීන්දුවට පිටුපානවනම් අපිට මුන්නැහේගේ නායකත්වයෙන් පලක් නැහැ කියලයි. මේ ගැන තදින්ම කිපිලා හිටියේ ඌවේ අයලු.....

මේ කාගෙත් පැමිණිලිවලට කන්දුන් හිටපු ලොකු තැන දෙගොල්ලන්ටම දුන්නේ එක වගේ උත්තරයක්..... මෙයා අපේ ජ්‍යෙෂ්ඨයෙක්. ඒ නිසා එක පාරටම තීන්දු ගන්න බැහැ. අපි වාර ගණනක් කිව්වා. ඒත් තව එක පාරක් මම උත්සාහ කරලා බලනවා. ඊට පස්සෙත් වෙනසක් නැත්නම් අපි බලමු...

හිටපු ලොකු තැනගේ ඒ උත්තරයෙන් දෙගොල්ලම සෑහීමට පත් වුණේ නැතිලු.. එයා ගැන කේන්තියෙන් හිටපු බස්නාහිර පළාතේ දේශපාලන ලොක්කෙක් &සර් උන්නැහේ හිතන්නේ එයාටත් මහ පුටු සටනට ඇවිත් දිනන්න පුළුවන් කියලයි.....
&ආ...... ඇත්තද* කියපු හිටපු ලොකු තැන හිනාවුණා මිසක් උත්තරයක් දුන්නේ නැහැ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00