2019 මාර්තු 16 වන සෙනසුරාදා

මළගෙදර ගියාලු....

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 981

බජට් එකේ දෙවැනි ඡන්දෙ වෙලාවෙ අත පාටියෙ හුඟ දෙනෙක් ඡන්දෙ දෙන්න ආවෙ නැහැ. විපක්ෂයේ මහ සංවිධායක වන අමර-වීර උන්නැහේලා මහලේකම්කම කරන දයාසිරි උන්නැහේලා සන්ධාන හදන්න කපුකම් කරන ඇස් බී.ලත් දියවන්නා කවුන්සිලේ පේන්න හිටියෙ නැහැ....

පසුගිය කාලෙ එකට ආණ්ඩු හදාපු මේ දෙගොල්ල මොකද මේ විරසක වුණේ කියල හොයල බලන්න වැඩියෙන්ම ඕන වුණේ අලි පාටියෙ සමහරැන්ටයි.... ඒ අනුව එජාපෙ ජ්‍යෙෂ්ඨයෙක් වන වත්තල ජෝන්තුමා තමන්ගෙ ආසනේ වාඩිවෙලා හිටපු ඒකාබද්දෙ දිනේෂ් උන්නැහේගෙන් කෝ ඔයාලගෙ ශ්‍රී ලංකා යාළුවෝ කියල නිකමට වගේ ප්‍රශ්න කළා.

ජෝන්ගෙ ප්‍රශ්නෙට දිනේෂ් උන්නැහේටත් උත්තරයක් තිබුණා... එයා කිව්වා....ඇයි දන්නෙ නැත්ද සුදර්ශනී ඇමැතිතුමියගෙ තාත්ත නැතිවෙලානේ.... අමරවීරල එස්බීල එහේ යනවය කියලා ගියා... කියලයි.

ඊටපස්සෙ මඳ සිනාවක් මුවට නගාගත්ත ජෝන් තුමා දිනේෂ්ට මෙහෙම කිව්වා. ඔයා පොඩ්ඩක් පස්ස හැරිලා බලන්නකෝ... කියලා. ඊළඟට දිනේෂ් උන්නැහේ පස්ස හැරිලා බලනකොට අයවැයට ඡන්දෙ දෙන්න සුදු සාරියකින් සැරසුණු සුදර්ශනී නෝන ඇවිත් ඉන්නව පෙනුණා.

එයා තමන්ගෙ තාත්තගෙ මරණයත් තියාගෙන ඡන්දෙ දෙන්න ආවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නොසිටීම ගැන දිනේෂ්ට දෙන්න උත්තරයක් තිබුණෙ නැහැ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00