2019 මාර්තු 09 වන සෙනසුරාදා

උන්නැහේගෙ ගුවන් සේවය

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 751

ගුවන් සේවාවක් අයිති ඇමැති කෙනෙක් ඉන්නවා කියන එක ප්‍රසිද්ධ කාරණාවක්. ඒත් උන්නැහේට විපක්ෂයේ ඉන්න කාලෙත් අයිතිව තිබුණා. උන්නැහේ මේ රටේ ඉතාම සාර්ථක ව්‍යාපාරිකයෙක් හැටියටයි ඒ ගුවන් සේවාව එයා පටන්ගත්තේ...

ඒක එහෙම වුණාට කවුරුත් දන්නෙ නැතුව ඉතාම අප්‍රසිද්ධියේ ගුවන් සේවාවක අයිතිකාරයෙක් වෙච්ච මේ ඊයෙ පෙරේදා වෙනකම් ඇමැති පට්ටමක් දරාපු උන්නැහේ කෙනෙක් ඉන්නවා. හැබැයි ඒක තියෙන්නෙ නම් උන්නැහේගෙ නමට නෙවෙයි. ජපානෙ පැත්තෙ යාළුවෙක්ගෙ නමටලු..

පිටරට නමකින් රත්මලානෙ ඉඳන් වැඩ කරන මේ ප්ලේන් සමාගමට ගුවන් යානා හෙලිකොප්ටර් 5ක් විතර තියන බවයි තතු දත් අය කියන්නේ...

කලාතුරකින් මධුවිතක් තොල ගාගත්තම තමන් නිහඬ කෝටිපතියෙක් බව කියන උන්නැහේගෙ මේ ගුවන් සේවා ව්‍යාපාරෙට ලලනාවකුත් සම්බන්ධයිලු. එයා මේ ව්‍යාපාරෙ හතර මායිම් බලන්නත් පත් කරලා කියලයි ආරංචි...

ලංකාවේ ඈත පළාතක් නියෝජනේ කරන දැන් පට්ටමක් නොමැති හිටපු ඇමැති සයිස් මහත්තයෙක් වන මුන්නැහේ අපූරු චරිතයක් බව දන්නෝ දනිතිලු.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00