2019 මාර්තු 02 වන සෙනසුරාදා

යුතුකම් ඉටුකිරීම

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 543

හිටපු ලොකුතැන තවත් දේශපාලන ප්‍රබලයෙකුත් එක්ක දියවන්නා මන්දිරේ කොරිඩෝවෙ ගමන් කරමින් හිටියා... පසුගිය දවස්වල උන්නැහේට පලුයන්න බැනපු උතුරැ සන්ධානෙ ලොක්කෙක් උන්නැහේ පිටිපස්සෙන් දුවගෙන ඇවිත් “සර්” මට ටිකක් කතා කරන්න ඕනෑය කියල කිව්වා...

පසුපස හැරිල බලපු හිටපු ලොකු තැන මොකද “තිරන්” කියල සුහද සිනාවක් දැම්මා... “අනේ සර් පොඩි උදව්වක් ඉල්ලන්නයි ආවෙ...” උතුරෙ මන්ත්‍රි “තිරන්” කිව්වා.

“මගෙන් උදව්වක්... මොකද්ද අප්ප ඔයාල වගේ ලොක්කන්ට මට කරන්න පුළුවන් උදව්ව...?” හිටපු ලොකු තැන විහිළුවෙන් වගේ ප්‍රශ්න කළා...

“සර් දැන් විපක්ෂයෙ ලොකු පුටුවට පත්වුණානේ... විපක්ෂෙ නිල නිවාසෙයි... විපක්ෂ ලොක්කට ලැබෙන අලුත් වාහන දෙක තුනයි තවම තියෙන්නෙ අපේ ලොක්ක ළඟ... උන්නැහේගෙ පෞද්ගලික ගේ කියන්නෙ තට්ටු බිල්ඩිමක උඩම තට්ටුවෙ... ඒත් උන්නැහේ වයස නිසා ලිෆ්ට් එකකුත් නැති බිල්ඩිමේ උඩට නැගගන්න අමාරැයි... සර්... තිරන් මන්ත්‍රී එකල මෙකල වෙමින් මාතෘකාවට ආවා...”

“ඉතින් මොකද්ද මට කරන්න පුළුවන්...” හිටපු ලොකු තැන නැවත ප්‍රශ්න කළා.

“සර්ට ලැබෙන්න තියන නිල මැඳුර වහාම සර්ට දෙන්න... නැත්නම් අපේ ලොක්කට විරුද්ධව නීතිමගින් කටයුතු කරනවය කියල ළඟදී ලියුමක් එවල තිබුණ සර්... මේකදි බැරිද අපිට පොඩි සහනයක් ලබා දෙන්න...” තිරන් විමසුවා...

“අයියෝ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා...” ඔයාලගෙ ලොකු මහත්තය මේ කවුන්සිලේ බොහෝම ජ්‍යෙෂ්ඨයෙක් ඉතින් එයාට කැමති කල් ඔය මන්දිරේ ඉන්න කියන්න... තියන අලුත්ම වාහන දෙකත් පාවිච්චි කරන්න කියනවකෝ... මගෙන් විරෝධයක්වත්... ප්‍රශ්නයක්වත් නැහැ... මට ගෙවල් වාහන තියනවනේ...” කියලා කිව්වා.... 

ඒ පිළිතුරින් සතුටට පත්වුණ උතුරේ “තිරන්” මන්ත්‍රී තැන “ස්තූතියි සර්” කියල කෘතඥතාව පළකළා... එතකොට හිටපු ලොකු තැන කිව්ව... “ස්තූතියක් අවශ්‍ය නැහැ... “තිරන්” මම ඉෂ්ඨ කළේ යුතුකමක්...” කියල... එහෙම කියූ උන්නැහේ යන්න ගියා... ඊට පස්සෙ එයාල කැබිනට් පත්‍රිකාවක් මගින්ම ඒ වාහනත් ගෙයත් හිටපු විපක්ෂ ලොක්කට වෙන්කර දුන්නා.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00