2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

ඒ කිව්වෙ මම ගැනද මචං

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 527

ආණ්ඩුවෙ ඉන්න වතුකරේ පැත්තෙන් පත්වුණු එක්තරා ඇමැති සයිස් මහත්තයෙක් පසුගිය දවසක රන්ජන් රාජ්‍ය ඇමැති තැනට කෝල් එකක් දුන්නා... උන්නැහේ පත්තු කොරපු මැතිසබේ කුඩු කතාව නැගල යද්දියි මේ අමුතු කෝල් එක දුන්නෙ... කෝල් එක දීලා දෙන්න කතා කළ දෙබස් අපට වාර්තා වුණේ මෙහෙමයි...

රන්ජන් මචං උඹ අර පාර්ලිමේන්තුවෙ ඉස්සරහ පේලියෙ වාඩිවෙලා ඉන්න පක්ෂ නායකයෙක් කුඩු ගහනවය කීවනේ... ඒක ඔයා කීවෙ මටද මචං?... ඇමැති තැන කෙළින්ම ඇහුවා.

පිස්සුද මචං මම උඹ ගැන එහෙම කියනවද?... අනික මම කිව්වෙ කළු පාට ඇස් රතු චරිතයක් ගැනනේ... ඉතින් ඔයා කළුද? ඇස් රතුද? නෑනේ... කියල රන්ජන් රාජ්‍ය ඇමැති තැන කාරණා කාරණා පැහැදිලි කළා...

ඊට පස්සෙ දිග.. නමක් තියෙන වතුකර ඇමැති තැන හරි මචං... එහෙනං අපි ගැන නෙවෙයිනේ ඒක කිව්වෙ... කියලා පටාස් ගාල දුරකතනය විසන්ධි කළා...

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00