2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

සංවිධානෙ කම්මුතුයි!

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 384

අතපාටිය බේරගන්න කියලා ආපු සංවිධායක සැට් එක දැන් බෙදිලලු. කට්ටියක් ආයි පක්ෂයේ ලොකු තැන එක්කම යන්න කියලලු තීරණය කරලා තියෙන්නෙ. අනිත් අය අලි පාටියටලු. පාටියෙ බලය අල්ලන්න ආපු ලොකු නෝනට කට්ටිය කැමති නෑලු.

වැඩේ ටිකක් ලොකු කරන්න කියලා කලින් ප්ලෑන් කළත් යන්න හිටිය අයට මහතැන කතා කරලා ඉන්න කියලලු. ඒ නිසා කවුරුත් යන්න දැන් කැමති නෑලු. එළියට ආපු අ‍යත් එහෙන් මෙහෙන් දැන් ලොකු තැන හමුවෙන්න යනවලු. ඒ අය දැන් පරණ කාරණා වමාරන බව ආරංචියි. ලොකුතැන වැඩේ පිටිපස්සෙ ඉන්න අයගේ නම් ලැයිස්තුවම අරන්ලු තියෙන්නේ. ළඟදීම වැඩක් දෙන්නලු යන්නේ ගෙදරම යන්න. කෝමහරි පාටිය රැකගැනීමට හැදූ සංවිධානය නම් ඉවරෙටම ඉවරලු අද හෙටම.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00