2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

කුණුගොඩේ රඟපෑම

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 544

කොළඹ කුණු ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවෙ ලොකු මහත්තයයි දෙවැනි මහත්තයයි දැඩි තීන්දුවක් ගත්ත...
ඒ අනුව ජා ඇළ පැත්තෙ හිස් ඉඩමක මේ කුණු කන්ද වලදමන්නයි සැලසුම් කළේ...
මේ ගැන වැඩේ සිද්ධවේගෙන යනකොට දේශපාලන කරළියෙ හොඳට රඟපාන උප ඇමති මට්ටමේ මහත්තයෙක් ජා ඇළ පැත්තට ගාටල ජනතාවත් එක්ක කොළඹ කුණු අපට එපා කියලා උද්ඝෝෂණයක් කළා කියමුකො.

මේ උද්ඝෝෂණේට පළාතේ ජය වර්ධනය කරපු අය හිටියෙ නැහැ. ඉතින් ආණ්ඩුවෙ පොදු තීරණයක් ගැන පළාතෙ මැති ඇමැතිලත් නොදැන මෙහෙම කරන එක හරි නැහැ කියලා අලි පාටියෙ ලොකු මහත්තයට ඒ පැත්තෙන් ලොකු පැමිණිල්ලක් ආවලු. තවත් තැන් ගණනාවකින් මේ ප්‍රශ්නය වන කරන්න එපා කියලා උප ඇමැති තැනට ඉල්ලීම් ලැබිලා තියෙද්දිත් මෙහෙම කළ එක ගැන පක්ෂයෙ ලොකු මහත්තයටත් කේන්ති ගිහිල්ල. “වහාම දේශපාලන කරළියෙ රඟපාන එක නවත්තනවා. කියල දැඩි නියෝගයක් කරලා ඉන් පස්සෙ. රටේ උද්ඝෝෂණ හොය හොය ගිහිල්ල හැමදේටම හොම්බදාපු දේශපාලන තාරකාව හිටිගමන් කරළියෙන් වාෂ්ප වුණාලු... ඒකට හේතුව තවදුරටත් ඕව කරන්න ගියා නම් ලබන පාර නාම යෝජනාවටත් තට්ටුවෙයි කියන බයලු.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00