දේසපාලනේ කරන කොට වැදගත් වෙන්නෙ විශ්වාසය... ඉතින් විශ්වාසෙ වගේම අවිශ්වාසෙ ගැනත් දේශපාලන වේදිකාවලින් නොයෙක් කතා ඇහෙනවා...
ගිය සුමානෙ කවුන්සිල් ලොබියෙ කියැවුණ රස කතා අතරෙ දේශපාලන කරණම් ගහන්න ඉන්නවය කියන කස්ටිය ගැන නොයෙක් දේ ඇහුණ.
ආණ්ඩු පක්ෂයෙ මන්තිරි සයිස් කටකාර මහත්තයෙක් මේ කතාබහ අතරෙ ඒකාබද්දෙ පොරකට කිව්ව ඔයාල හැමදාම කියන්නෙ ආණ්ඩුවෙන් විපක්ෂයට එනවය කියලනේ. ඒත් ඒකාබද්දෙ ඉන්න හතර පස්දෙනෙක් මේ පැත්තට ආවොත් කොහොමද ආතල් එක... කියල.
මේ කතාව අහපු විපක්ෂයෙ මන්තිරිතුමා ඔහොම නිකම් වනල කියන කතා පිළිගන්නෙ නැහැ. හරියට නම් ගම් එක්ක කියන්න.* කියල ආණ්ඩුවෙ යාළුවට අභියෝග කළා...
නම් කියන්න නම් බැහැ. ඒත් දිස්තිරික්ක කියන්නම් එතකොට ඔයාට හිතාගන්න පුළුවන් වේවි. කියපු ආණ්ඩුවෙ මන්ත්‍රී සගය මෙන්න මෙහෙම දිස්තිරික්ක ගණනාවක නම් කිව්වලු...
මාතර - නුවර - ගාල්ල - අනුරාධපුර - කළුතර කියන දිස්තිරික්කවල නම් කියපු උන්නැහේ මෙයාල ආණ්ඩුවට ජැක් ගහන්න හදන්නෙ සමගි සන්ධාන කතාවත් දාගෙන හැබැයි සමගි සන්ධානෙට ඇමැතිකම් ඉල්ලන එකයි තියන ප්‍රශ්නෙ... කියල මහ හයියෙන් හිනාවුණා...