2019 ජනවාරි 26 වන සෙනසුරාදා

එයා ආවෙ නැති හේතුව

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 492

පසුගියදා හිටපු ලොකු තැන විපස්ස කන්තෝරුවෙ වැඩ භාරගන්න දවසෙ එක්සත් ජනතා සන්ධානෙ ඉහළම පට්ටම්ධාරියෙක් ඒ උත්සවයට ආවෙ නැහැ.

මෛත්‍රිතුමා එක්ක ඉන්න ලොකු ලොක්කො සේරම ආවත් මුන්නැහේ දකින්න නොලැබීම ගැන එතන එක එක කතා ගියා.

සමහරුන්ගෙ අදහස වුණේ එයා මේ උත්සවය වර්ජනේ කළේ එයාට ලැබෙන්න තිබුණ පුටුවට මහින්ද උන්නැහේ පැමිණීම නිසාය කියලත් සමහරු කිව්වා...

බොහෝම නිර්මල දේශපාලනයක් කරන ඈත පළාතකින් ආපු මුන්නැහේ නොපැමිණීම ගැන පැමිණ සිටි උදවිය හිටපු ලොකු තැනගෙනුත් ප්‍රශ්න කළේ පොඩ්ඩක් ගතු කියමිනුයි.

එතෙන්දි මහ හඬින් සිනාසුණු හිටපු ලොකු තැන “නෑ... නෑ... එයා මේකා වර්ජනේ කළ කතාව බොරු... අම්මගෙ දානෙ නිසා එන්න බැරිවෙනවා කියල උදේම මට ටෙලිෆෝන් එකෙන් කිව්වා...

හිටපු ලොකු තැන පැහැදිලි කළා. ගතු කියන්න ආ අය පසුබැස්ස...