2019 ජනවාරි 19 වන සෙනසුරාදා

අප්සෙට් ගිය ප්ලෑන

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 1010

ඈත පළාතකින් කවුන්සිලේට පත්වුණු කටකාර උන්නැහේ කෙනෙක් ඉන්නවා... උන්නැහේ කවුන්සිලේ හිටියට මේ පාර එතැනට ආවෙ පිං ලැයිස්තුවෙන්. එහෙම එන්න වුණේ තමන් ඉල්ලපු ඡන්දෙ පරාද වුණු නිසයි... එයා හිතන්නෙ උන්නැහේ ඡන්දෙ පරාද වුණේ හිටපු ලොකු තැන නිසා කියලයි...

ඉතින් මෙච්චර කල් පුටුව නියෝජනේ කරපු මෙයා පසුගියදාක අලි පාටියට සහාය පළකරමින් ඒ පැත්තට මාරු වුණා... නමුත් එයා නියෝජනේ කරන ඌවෙ පුංචි දිස්තිරික්කෙන් අලි පාටියෙන් ආවොත් ඇතුළට එන එක ලේසි නැහැ. මොකද එතැන අලි පාටියෙ උරැමක්කාරය වන මද්දුම උන්නැහේ එක්ක වැඩේ අමාරුයි.

ඒ හින්ද පසුගිය දවසක මෙයා මද්දුම උන්නැහේ හමුවෙලා උන්නැහේට අලි පාටියෙ ජාතික ලැයිස්තුවට යන්න කියලා යෝජනා කරලලු...

ඒත් අලි පාටියෙ ජ්‍යෙෂ්ඨයෙක් වන මද්දුම උන්නැහේ ඒ යෝජනාව එකපාරටම ප්‍රතික්ෂේප කළේ බුදු අප්පොච්චියේ.. ඒක නම් අමාරුයි කියමින්ලු...

ඉතින් ඒ පාර කරන්න දෙයක් නැතිව කලකිරීමට පත්වුණු මේ කටකාරය මම ගාල්ලෙන් බලපිටිය පැත්තවත් බලන්න ඕන* කිය කියා කල්මරන බවයි ආරංචි.